වත්තේගම , පල්ලේගුණ්නෑපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පැවති සතිඅන්ත සාදයක් අතරතුර රෝගී වූ තරුණියක සහ තරුණයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව පොලිසිය කියයි.
එම තරුණිය සහ තරුණයා අද (17) අලුයම් කාලයේ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇත්තේ ශ්වසනාබාධයක් හේතුවෙන් බව පවසන පොලිසිය දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණිය 23 හැවිරිදි වියේත් තරුණයා 25 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි.
වත්තේගම පොලීසියෙන් මේ සම්බන්ධයෙන් කළවිමසීමකදී එහි ප්‍රකාශකයකු පවසා සිටියේ ඔවුන් ගත් යම් පානයක් විස වී ඇති බවට සැක කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර ඔවුන්ගේ රෝගී තත්වය බරපතලතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
වෙනත් පුවත්
නාමයෝජනා නැතුව නීතිඥ සංගමයේ නිලවරණය එපා
යළි නාම යෝජනා කැඳවීමකින් තොරව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා එම සංගමයේ සාමාජික නීතිඥවරියක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (17) නඩු පැවරුවා ය.
සංගමයේ ලේකම්,තේරීම් බාර නිලධාරීන්,සභාපති ධූර අපේක්ෂකයින් ඇතුළු නිලධාරීන් දොළොස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පැවරීය.
නීතිඥ සංගමයේ නිලවරණය අනිද්දා පැවැත්වීමට නියමිතය.
පැමිණිලිකාරියේ සිය පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ සභාපති ධූරයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉවත් වී ඇති බැවින්,යළි නාම යෝජනා කැඳවීමකින් තොරව ඡන්දය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවය.




















