BREAKING NEWS
Search

හිටපු ජනපති මහින්ද හොරෙන් කරන භාවනාව බලන්න ගිය නියෝජ්‍ය අමාත්‍ය මහින්දට ගේට්ටුව වැහුණු හැටි

304
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හොර රහසේ පැමිණෙන බව කියන භාවනා මධ්‍යස්ථානයක් පිළිබඳ වාර්තා වනවා.

ගම්පහ ප්‍රදේශයේ ඇතැයි කියන එම භාවනා මධ්‍යස්ථානය පිළිබඳ සොයා බැලීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ එහි ගොස් තිබෙනවා.

නමුත් එහි ගිය කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ට ඊට ඇතුළුවීමට එහි ආරක්ෂක නිලධාරීන් අවසර දුන්නේ නැහැ.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහි ගොස් තිබුණේ, ප්‍රදේශවාසීන් පිරිසක් කළ දැනුම්දීමකට අනුවයි.

ගම්පහ යාගොඩ ප්‍රදේශයේ මෙම භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබෙනවා.

ප්‍රදේශවාසීන් පිරිසකගේ ඉල්ලීමක් පරිදි එය පිහිටි ඉඩම නිරීක්ෂණය කිරීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැමිණියත් ඊට ඇතුළුවීමට ඔහුට අවසර හිමිවූයේ නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *