BREAKING NEWS
Search

ආදරවන්තයින්ගේ දවසේ ගෙදර ආ සැමියාට ලැබුණු අදහාගත නොහැකි සර්ප්‍රයිස් එක

819
ඔහුට තවමත් වයස අවුරුදු 35යි..

අනියම් පෙමක් නිසා මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කවදාවත් ඔහු හිතන්නේ නැතුව ඇති..

මේ ඛේදනීය ඉරණම ගැන ඇසෙන්නේ වැද්දාගල, කලවාන ප්‍රදේශයෙන්.. අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා…

එම සිදුවීම වාර්තා තිබුණේ පොතුපිටිය, පතිනාවත්ත ප්‍රදේශයෙන්.. එලෙස මියගොස් ඇත්තේ, වැද්දාගල, කලවාන ප්‍රදේශයේ පදිංචිව අයෙකු බවයි වාර්තා වෙන්නේ.. මෙම අපරාධය සිදු වූ නිවසෙහි තාවකාලිකව පදිංචි වී සිටින කාන්තාව, පුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් මත වෙන්වී තනිව ජීවත් වන අතර එම කාන්තාව වෙනත් පුරුෂයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබුණා…

ආදරවන්තයින්ගේ දිනය දා රාත්‍රී කාලයේ අනියම් පුරුෂයා සහ කාන්තාව නිවසේ සිටියදී, මෙම කාන්තාවගේ විවාහක පුරුෂයා නිවසට පැමිණ ඇති අතර,
එහිදී ඇතිවූ ආරවුලකදී සැමියා විසින් අනියම් පුරුෂයාට පොල්ලකින් පහරදී ඇති බව පොලීසිය පවසනවා…

එම අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාව බිය වී නිවසින් පළා ගොස් තිබුණා.. පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ මියගොස් ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 39 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.. කෙසේ වෙතත්, පොතුපිටිය පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *