පවතින උණුසුම් කාලගුණය ගැන විශේෂ පණිවිඩයක්

394

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින උණුසුම් කාලගුණය හේතු‌වෙන් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින්ට විජලන තත්වයන් ඇති විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.

මෙම තත්වය අවම කර ගැනීම සදහා වැඩිපුර ජලය හෝ ස්වභාවික දියර වර්ග පානය කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී පාසල් බලධාරීන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ වැඩිවීමක් මාර්තු සහ අප්‍රේල් මාසයේදී අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර, රාවණාඇල්ල වනජිවි සහ වනසංරක්ෂණ රක්ෂිතයට අයත් ඇල්ල රොක් කඳුපන්තියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.

යුධ හමුදාව, ගුවන් හමුදාව සහ වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එය පාලනය කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, පවතින ගින්න පැතිර යාම වැලැක්වීම සදහා කටයුතු කරමින් සිටින අතර පෙරේදා සිට මේ දක්වා පැවති ගින්නෙන් අක්කර 600 ක් පමණ විනාශ වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *