රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අසනීප තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලකට ඇතුලත් කර ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.
88 හැවිරිදි පාප් වහන්සේට මේවන විටත් උදරය ආශ්‍රිතව සැත්කම් රැසක් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
පාප් වහන්සේ බ්‍රොන්කයිටිස් රෝගයට වසර ගණනාවක සිට ප්‍රතිකාර ලබමින් සිටි බවද පැවසෙනවා.
උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කිරීම හේතුවෙන් ඉදිරි දින 03 සඳහා සංවිධානය කර තිබූ රැස්වීම් සියල්ල අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
වෙනත් පුවත්
සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක්
සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.
ඒ අනුව ගාල්ල, කුරුණෑගල, මාතලේ, කළුතර, පුත්තලම, ගම්පහ,සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත.
මාතලේ රෝහිණී කුමාරි, පුත්තලම හෙක්ටර් අප්පුහාමි, අනුරාධපුර රෝහණ බණ්ඩාර, ගාල්ල ගයන්ත කරුණාතිලක, ගම්පහ හර්ෂණ රාජකරුණා, කුරුණෑගල නලීන් බණ්ඩාර, කළුතර අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්එම පත්වීම් ලිපි බාරදී ඇත.
මෙම අවස්ථාවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.

















