BREAKING NEWS
Search

වැඩිහිටියන්ට සුභ ආරංචියක්. රජයෙන් විශේෂ දීමනාවක්

1763

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වසස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 3,000ක මාසීක දීමනා ගෙවීම පෙබරවාරි මස ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය 2024 වර්ෂයේ නොවැම්බර් සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය මගින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිනුම්ගත කරන බවය.

ඒ අනුව අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල්/උප තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කරනු ඇත.

එසේ වුවද විවිධ වූ ප්‍රායෝගිත ගැටළු හේතුවෙන් පසුගිය කාල සීමාවේදී යම් නිශ්චිත දිනයක් තුළ දීමනාව ගෙවීමට නොහැකි වීමෙන් වැඩිහිටියන් අපහුතාවයට පත් වූ බැවින් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමේන් අනතුරුව 2025 පෙරබරවාරි මස දීමනාව සහ හිඟ දීමනා තැපැල්/ උපතැපැල් කාර්යාල හරහා පෙබරවාරි මස 20 වැනි දින සිට ගෙවීමට සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලබන බවද ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *