BREAKING NEWS
Search

ආදරවන්තයින්ගේ දිනයේ සැරිසරන අසත්‍ය පුවතක් ගැන දැනුම් දීමක්

256
අදට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනයේදී පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට සංසරණය වන පුවත අසත්‍යක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ බවට හැගෙන ව්‍යාජ අත්සනක් සහිතව අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ මෙම පුවත ප්‍රචාරය වන බවයි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර නිවේදනය කළේ.

ආදරවන්තයින්ගේ දිනයේදී සිදු වන ළමා අපචාර සහ අපයෝජන සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන බැවින් විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත මෙලෙස දිවයිනේ සියලු පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වීමට තීරණය කර ඇති බව එම ව්‍යාජ ලිපියේ දැක්වුණා.

කෙසේ වෙතත්, එම ලිපිය හෝ පුවත බෙදා හැරීමෙන් වළකින ලෙසයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *