BREAKING NEWS
Search

විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්..අද සිට සිදු වන දේ මෙන්න

1514

අද (14) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

එමෙන්ම ඊයේ (13) පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක විය.

ඒ අනුව කලාප 20ක් යටතේ පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැය බැගින් කාණ්ඩ 4කට යටත්ව මෙම විදුලි කප්පාදුව සිදු කරනු ලැබීය.

මේ අතර, පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොචෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වන්නට වුණා.

කෙසේවෙතත් එම අමාත්‍යාංශය කියා සිටියේ නොරොචෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බවය.

වෙනත් පුවත්

බිල අඩු වුණත් බඩු අඩු වෙලා නෑ

රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තමන් දැඩි  දුෂ්කරතාවයට  පත්ව සිටින බව පාරිභෝගිකයෝ  පෙන්වාදෙති.

විදුලිය බිල  සැලකිය යුතු අඩු කළත්  බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් තවමත් එලෙසම පවතින බවද  ඔවුහු පවසති.

විදුලිය මිල අඩු කිරීමට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩවල  මිල නියාමනයක් කරන කරන ලෙසට  බලපෑම් කරන්නැයි පාරිභෝගිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.

පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සංශෝධනය නොකිරීමෙන් ජීවන වියදම තවත්  උග්‍ර වී ඇතැයි ජනතාව පෙන්වා දෙති.

ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට විස්සකින්ද කර්මාන්තශාලාවල විදුලිය බිල සියයට තිහකින්ද පසුගිය ජනවාරියේදී අඩු කෙරිණ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ අනුව  රජය මෙම පියවර ගත්තේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *