BREAKING NEWS
Search

පුසෙක් නිසා නැවතුනු ගුවන් ගමන

195

රෝමයේ සිට ජර්මනිය බලා ගමන් කිරීමට නියමිතව තිබූ රයන් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක බළලෙකු සොයා ගැනීමත් සමඟ එම ගුවන් ගමන දින දෙකකට කල් දැමීමට සිදුව තිබෙනවා.

යානය ගුවන් ගත කිරීමට සුළු මොහොතකට පෙර බළලෙකුගේ කෑ ගසන ශබ්දයක් ඇසීමත් සමඟ සිදුකළ සොදිසි කිරීමකදී නිසැකවම බළලෙකු ගුවන් යානයේ සැඟව සිටින බව අනාවරණය වී ඇත.

ඒ අනුව, නඩත්තු සේවකයින් බළලා සිටින ස්ථානය සේවීමට කටයුතු කර ඇති අතර එහිදී බළලා ගුවන් යානයේ ඉලෙක්ට්‍රොනික උපාංග සවිකර තිබෙන මැදිරියේ සැඟව සිටින බව සොයාගෙන ඇති නමුත් ඌ අල්ලා ගැනීමට උත්සහ කළ සෑම අවස්ථාවකදීම නැවත නැවත් බළලා උපාංග ඇතුලට රිංගා ගොස් සැඟව සිටීමට උත්සහ කිරීමත් සමඟ නිලධාරීන්ට ඇතැම් කොටස් ගලවා ඉවත් කිරීමට සිදුව තිබෙනවා.

අවසානයේ බළලාම ඌ සිට තැනින් ඉවතට විත් ගුවන් යානයේ ප්‍රධාන දොරටුවෙන්ම පැමිණ මගීන් බැස යන පඩිපෙලින්ම බැසගොස් ඇත.

අවසානයේ ගුවන් යානයේ ඇතැම් කොටස් ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක හේතූන් මත ගුවන් ගමන දින දෙකකට අවලංගු කිරීමට සිදු වූ බව සඳහන්.

බළලා සිටින බව නොදැන ගුවන් යානය ගමන් කළා නම් ගුවන් සමාගමට ඩොලර් දහස් ගණනක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *