BREAKING NEWS
Search

ප්‍රවීණ රංගන ශිල්පිනියක් අභාවප්‍රාප්ත වෙයි

64557

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියයන විට 68 වන වියේ පසු වුණා.

කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා වැනි ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඇයගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතියෙකු සදහන් කළේ.

 

වෙනත් පුවත්

සුජීව සේනසිංහගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී ආකාරයට සිදු කරන පරීක්ෂණවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අවසර ලබා දුන්නා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව අදාල පෙත්සමේ උත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඇතුළු 18 දෙනකු නම් කර තිබුණා.

විරෝධතා තිබේ නම් ඒවා අද දින සිට සති හයක් තුළ ගොනු කිරීමට පියවර කරන ලෙස එම වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වීමටද අධිකරණය නියෝග කළා.

පෙත්සම්කාර සුජීව සේනසිංහ වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීති විරෝධී ලෙස කරන ලද වාහනයක් සම්බන්ධයෙන් වැරදි කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම සේවා දායකයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව සඳහන් කළා.

නීති විරෝධී ලෙස වාහනයක් එකලස් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණද එම වාහනය 2022 වසරේ ලියාපදිංචි කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් පසුව ගරාජ් අංකයක් යටතේ එම වාහනය භාවිත කළ බවට පැමිණිල්ල මගින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පදනම් විරහිත බව පෙන්වා දුන්නා

එම විමර්ශනයට පාදකවන පැමිණිල්ල විස්වසනීයත්වයෙන් තොර පදනම් විරහිත පැමිණිල්ලක් බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එහෙත් වලාන දූෂණ මර්දන ඒකකය මගින් මුලින්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කළ අතර එහිදී නීති විරෝධී ක්‍රියා කිසිවක් අනාවරණය නොවූ බවට එම විමර්ශන ඒකකය විසින් අධිකරණයට වාර්තා කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

විශ්වාසනීයත්වයෙන් තොර පදනම් විරහිත පැමිණිල්ලක්නොදී විමර්ශන සිදුකළ හැකි බවත් මෙම වග උත්තරකරුගේ ක්‍රියා කලාපය තුළින් සිය සේවා දායකයාට දැඩි අගතියක් සිදුවී ඇති අතර ඒ තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුනිකා හෙට්ටිගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකරුවන් විසින් අධිකරණයට කරුණු වාර්තා කර සෝදිසි වරෙන්තු ලබාගෙන මෙම විමර්ශන සිදු කළ බව පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *