තාත්තයි දුවයි රෝහලට යැවූ බීම බෝතලය

253

බලන්ගොඩ  කිරිදිගල  ප්‍රදේශයේ  ඇති  ආපනශාලාවකින් බිිම බෝතලයක්  රැගෙන  එය  පානය කිරිමෙන්  පසු   09 හැවිරිදි  දැරියකට  හදිසි   ක්ලාන්තය  තත්ත්වයක් සමග  වමනය  සැදිම  හේතුවෙන්  අද  (12) දා පස්වරුවේ  බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත්  කර ඇතැයි  පොලිසිය   පවසයි.

එම  බිිම  බෝතලය  පානය  කිරිමත්  සමග   එම දැරියට  මෙම හදිසි  රෝගි තත්ත්වය  ඇති විමත්  සමග ඇගේ පියාද එම  බිිම බෝතලයෙන්  ස්වල්පයක්  පානය කර ඇති අතර  ඔහුටද  හදිසි  අසනිප   තත්ත්වයක්   ඇති වි  ඔහුද  බලන්ගොඩ  මුලික  රෝහලට  ඇතුළත්   කර තිබෙි.

රත්නපුර  කැටන්දොළ ප්‍රදේශයේ පදිංචිකරැවන්  පිරිසක්  බලන්ගොඩ  නන්පෙරියල්    ප්‍රදේශය  දක්වා   යන  අතර   තුර  මෙලෙස  මෙම ආපනශාලාවට  ගොස් ඇත.

එහිදී  මෙම  දැරිය  පළමුව එම බිම බෝතලයෙන්  කොටසක්  පානය  කර  තිබෙන  අතර  ඇයට  හදිසි රෝගිි  තත්ත්වයක් ඇති  වු  පසු  පියාද එයින් ස්වල්පයක්  පානය කර  තිබෙන  බවට මුලික  විමර්ශනවලදි   අණාවරය  වි තිබෙන බව පොලිසිය පවසයි.

අදාළ  සිද්ධිය   සමිබන්දයෙන්  බලන්ගොඩ  රෝහල්  පොලිසිය  විසින්  බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය  දැනුමිවත්  කිරිමෙන් පසු  බලන්ගොඩ  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි  කාර්යායේ      මහජන සෞඛ්‍ය පරික්ෂක  නිළධාරිහුද මෙම   සිද්ධිය  සමිබන්දයෙන්  පරික්ෂණක්  ආරම්භ   කර  තිබෙි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *