හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීම පිළිබද තීරණය හෙට පෙරවරුවේ ප්‍රකාශ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් , එම තීරණය අද පස්වරුවේ දැනුම් දෙන බවයි මීට පෙර ප්‍රකාශ කෙරුණේ.
එහෙත් පවතින විදුලි ඉල්ලුම තවදුරටත් අධ්‍යනය කර අදාළ තීරණය හෙට පෙරවරුවේ දැනුම් දෙන බව ලංකා විිදුලිබල මණ්ඩලය සදහන් කළා.
නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ නැහැ.
වෙනත් පුවත්
අමරපුර මහනායක පදවි අක්තපත්‍ර ප්රදානය රාජ්‍ය අනුග්‍රහයෙන්
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (11)පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කෙරිණි.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්රදානෝත්සවය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මාර්තු 10 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
අක්තපත්‍ර ප්රදානෝත්සවය වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සියලු අනුග්‍රහය නොපිරිහෙළා ලබා දෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කළේය.


















