යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
ෙසිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
වෙනත් පුවත්
ජනපති ටෝනි බ්ලෙයාර් හමු වෙයි
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජයේ දී අද(11)වන දා සිදුවිය.
විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, වරාය, සංචාරක යන ක්ෂේත්රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජකයන් යොමු කරන ලෙස ආරාධනා කළේය.
කාලගුණික විපර්යාසවලට මුහුණදීම, යහපාලනය, කෘෂිකර්මාන්ත ආදී ක්ෂේත්රවලට අදාළව විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව පෙන්වා දුන් ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය ඇගයීමට ලක් කළේය.
විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ පාරදෘශ්‍ය බව සහ දූෂණයෙන් තොර පාලනය මෙහිදී ටෝනි බ්ලෙයාර් මහතාගේ විශේෂ පැසසුමට ලක් විය.