රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බව එගොඩඋයන පොලිසිය පවසයි.
පහරදීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඒ සඳහා යොදාගත් පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
පහර කෑමෙන් තුවාල ලැබූ සිව් දෙනාම පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එගොඩඋයන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
වෙනත් පුවත්
ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ජාතික විදුලි පද්ධතියේ ඇති වූ අසමතුලිත තත්ත්වයක් හේතුවෙන් මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුව ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී යැයිද අමාත්‍යවරයා කීය.
මුළු රටේම එකවර විදුලිය විසන්ධි වීම රටේ ආර්ථිකයට බලවත් හානියක් වන හෙයින් මින්පසු එවැන්නක් නොවීමට ස්ථිරසාර පියවරක් රජය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

















