BREAKING NEWS
Search

වොයිස් මැසේජයෙන් කාර්යාලයේදී නෝනගේ රෙදි ලෙෆ්ට් වෙලා

502

වොයිස් මැසේජ් එකෙන් ඔහුගේ නෝනාගේ තරම කාර්යාලයම දැනගත් පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.

කාර්යාලයීය සේවකයෙකි. කා සමඟත් ඇයි හොඳයි කියූ අයෙකි. තමාගේ නෝනා ශාන්ත දාන්ත තීන්ත කූඩුවක් යයි සේවකයන්ට ඔහු නිතරම පෙන්වීමට උත්සහා දැරුවේය. මචං මට මේ නෝනා හම්බ වුණේ පෙර පිනකට යයි මිතුරන්ට ඔහු කීවේය.

මේ නිසාම ඇය කාර්යාලයේ පවුල් අතර වට්ස්ඇප් ගෘෘප් එකට ද ඇඩ් කර ගෙන තිබුණේ ය. කාර්යාලයීය පවුල් විනෝද චාරිකා ගියේ වෙනයම් සුහද හමුවලට ගියේත් මේ වට්ස්ඇප් සමූහය හරහාය. ඇය සිය සැමියාගේ කාර්යාලයීය මිතුරු වට්ස්ඇප් සමූහය තැන්පත් කර තිබුණේ ඔහුගේ නමද සඳහන් කොට අගට එක් අකුරක් ද දමාය. ඒ කෙටියෙන් පැමිලි යන්න දැක්වීමට ය.

එදා ඇය සැමියා සමඟ තරහ වී සිටියේ ය. ඔහුට උදේ වූ තරහා යැව්වේ වොයිස් මැසේජ් එකක් දමාය. තෝ, උඹ අද හවස ගෙදර වරෙන් යන්න එහි කියවී තිබුණා ය. ඇය සැමියාගේ දුරකතනයේ වට්ස්ඇප් අංකයට එය මුදා හැරියා ය.

එය ගොස් තිබුණේ සැමියාට නම් නොවේ සැමියාගේ කාර්යාලයේ පවුල් වට්ස්ඇප් සමූහයට ය. එය ඇය දැන ගන්නා විටත් එම වොයිෂ් මැසේජ් එක කාර්යාලයේ පවුල් ඒකකයටම ගොස් හමාරලු‍.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *