BREAKING NEWS
Search

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

646

සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද්  අද (11) අලුයම කටුනායක ගුවන්තොටු පළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිවේදී ප්‍රියන්ත මනතුංග මහතා පැවසීය.

ඩුබායි රාජයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවඒ මහතා කීය.2024  වර්ෂයේදී නාන්නේරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය  මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඩෑන් ප්‍රිය සාද් නමැත්තාට විදේශ ගමන් තහනමක් මෙන්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග දෙකක් පනවා තිබූ අතර  ඒ අනුව ඔහුට ඊයේ ඩුබායි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී  අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බව  මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *