BREAKING NEWS
Search

අලුත් සත්තු ජාති තුනක් ලංකාවට

152

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන  ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ බව පරිසර අමාත්‍යාංශය පවසයි.

හයිනා සතුන් රිදියගම සෆාරි උද්‍යානය වෙතද,අනෙකුත් සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙතද මාසයක නිරෝධායන කාලයක් සඳහා යොමු කර ඇති අතර මසකින් පසු එම සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කරන බව සත්වෝද්‍යාන  දෙපාර්තමේන්තුව පවසයි.

වෙනත් පුවත්

රට විරුවන්ගෙන් මේ වසරේදී ඩොලර් බිලියන 7ක්

මේ වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. 

ඒ සඳහා විදේශ රැකියා නියෝජිතායතන වලට විශාල කාර්යයක් ඇතැයි සභාපතිවරයා කියා සිටියේය.

2025 වර්ෂයේදී විදේශ රැකියා 340,000 ක් සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම සම්බන්ධව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය.

මෙහිදි අදහස් දැක්වු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා 2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් ඇමරිකන් ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

2024 වර්ෂයේදී ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, එම වර්ෂයේදී ඇමරිකන් ඩොලර් බිලියන 6.51 ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබුණු බව ඩී.ඩී.පී.සේනානායක මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *