BREAKING NEWS
Search

සාදයේ නටමින් සිටි තරුණියගේ අවාසනාවන්ත ඉරණම…

945

විවාහ මංගල උත්සවයකට සහභගී වී නර්තනයේ යෙදෙමින් සිටිය දී තරුණියක් හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, ජීවිතක්ෂයට පත් වූ තරුණිය වයස අවුරුදු 23ක තරුණියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි.

තරුණිය ඥාති සොහොයුරියකගේ විවාහ උත්සවයට පෙරේදා රාත්‍රියේ සහභාගී වී එම උත්සවය අතරතුර නර්තනයේ යෙදෙන අවස්ථාවේ දී මියගොස් වේදිකාව මත ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇයව වහාම පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිත් ඇය මිය ගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

මේ අතර මෙම තරුණියගේ බාල සහෝදරයෙකු ද වයස අවුරුදු 12 දී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *