BREAKING NEWS
Search

බිත්තර සහ කුකුල් මස් මිල අදහාගත නොහැකි ලෙස පහලට

982

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බිත්තර සහ කුකුළු මස් මිල සිල්ලර වෙළෙඳපොලේ මිල පහත බැස ඇතැයි කුකුලන් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරිකයෝ පවසති.

බිත්තරයක මිල රුපියල් 30 ට පහළ මට්ටමක පවතින බවත් සුපිරි වෙළඳසැල්වල කුකුළු මස් කිලෝවක මිල රුපියල් 750 ත් 850 ත් අතර මිල පවතින බවත් කුකුලන් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරිකයෝ කියති.

කුකුළු මස් සෙසු සිල්ලර වෙළෙඳසැල්වල රුපියල් 900 ක් දක්වා පහත වැටී ඇති බව කියන කුකුලන් ආශ්‍රිත නිෂ්පාදකයෝ සම රහිත කුකුල් මස් රුපියල් 1,000 ත් 1,100 ත් අතර මිලක පවතින බව ද සඳහන් කරති.

වෙනත් පුවත්

කොළඹ ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක්

මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි.

අංගොඩ හන්දියේ වසා තිබූ  වාහන අමතර කොටස් අලුත් වැඩියා කරන ස්ථානයක ඇතිවූ ගින්න එම ගොඩනැගිල්ලට යාබදව පිහිටි දෙමහල් නිවසකටද පැතිරී ගිය බව මුල්ලේරියාව පොලිසිය සඳහන් කරයි.

ඇතිවූ ගින්නක් සමගම කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන රථයක්ද පැමිණ ගින්න පාලනය කිරීමට සමත් වීමෙන් අවට වෙළඳසැල්වලට පැතිරීම වැළැක්වීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඇතිවූ ගින්නෙන් වාහන අමතර කොටස් අලුත් වැඩියා කරන ස්ථානය හා හිමිකරු පදිංචි දෙමහල් නිවසේ උඩුමහල සහ පහත මහලේ ගබඩා කර තිබූ මෝටර් රථ අමතර උපාංග සමග සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම දෙමහල් නිවසේ උඩුමහලේ පදිංචිව සිටි සිටි ගරාජයේ හිමිකරුගේ මව ඇතිවූ ගින්නක් සමගම ප්‍රදේශවාසීන් සහ පොලිසියේ එක්ව බේරාගෙන ඇත.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ මෙන්ම මුල්ලේරියාව පොලිස් නිලධාරීන්ද,කැලණි මුල්ල යුද හමුදා කඳවුරේ නිලධාරීන්ද මෙන්න ප්‍රදේශවාසීන්ද දැඩි පරිශ්‍රමයක් දැරූ අතර කැලණි මුල්ල යුද හමුදා කණ්ඩායමක්ද එහි අණ දෙන නිලධාරියා සමග පැමිණ සහාය දැක්වූහ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *