තවත් පොලිස් ලොක්කෝ තුනකට වෙච්ච දේ

586

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුනකට අනිද්දා (12) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇත.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරු ලබා දී තිබේ.

ඒ අනුව ජේ‍යෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ඒ.වී.ජේ.කරවිට මහතා ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන තනතුරේ සිට අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති පී ලියනගේ මහතා බස්නාහිර පළාත (රථ වාහන) නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි  බස්නාහිර (උතුර)  භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරටත්, නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාව ඉටු කිරීමටත්, නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතා කෑගල්ල දිසාවට අමතරව රත්නපුර කොට්ඨාසයේ රාජකාරී ඉටු කිරීමටත් පත් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *