මාරක බස් අනතුරක්… – සිව්දෙනෙක් මරුට… 28කට තුවාල- වීඩියෝව මෙන්න

2914

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් කාන්තාවක ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම එම අනතුරෙන් 28 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර තිබෙනවා.

කඳුරුවෙල සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තෝරයාය ප්‍රදේශයේ නවතා තිබියදී මාඳුරු ඔය දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *