BREAKING NEWS
Search

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න

4853

පෙබරවාරි මාසයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ මුදල් අමාත්‍යංශයට යොමු කළ බවත් එම යෝජනාවලිය සඳහා මේ දක්වා මුදල් අමාත්‍යාංශයේ පිළිතුරු ලැබී නොමැති බවත් එම නිලධාරියා කීය.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල අඩුවීම පිළිබඳ අවධානය යොමු කරමින් ලිට්‍රෝ ගෑස් මිල ද අඩු කිරීමට යෝජනා කර තිබූ බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ ගෑස් මිල සංශෝධනය කළ යුතු අතර බොහෝ මාසවලදී ගෑස් මිල සංශෝධනය නොවන තත්වයක්ද පවතී.

වෙනත් පුවත්

බුද්ධ ශාසන ඇමති පොලිසි යයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ව්‍යාපාරික මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා යනුවෙන් සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් අදාල පැමිණිල්ල කළ බව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා කීය.

මේ කියන විදියේ ව්‍යාපාරික මිතුරෙක් තමාට නැතැයි කී අමාත්‍යවරයා මෙවන් බොරු පුවත් පළ කිරීම නිසා පෞද්ගලිකව තමාටත් රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලටත් අප කීර්තියක් සිදුවී තිබෙන බව සඳහන් කළේය.

බොරු තොරතුරු පළ කළ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *