BREAKING NEWS
Search

පවතින තත්ත්වය හමුවේ දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ පණිවිඩයක්

438

කොළඹ ප්‍රධාන පද්ධතියේ සිදුවූ අසමතුලිතතාවයක් හේතුවෙන් දිවයින පුරා අද (09) විදුලිය බිඳවැටීමක් සිදුවුණා.

කෙසේ වෙතත් ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට මෙතෙක් බාධා මතුව නොමැති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නමුත්, දුම්රිය ස්ථානවල නිවේදන කටයුතු සිදු කිරීමට නොහැකිවීම මත මගී ජනතාවට දුම්රියයන් හඳුනාගැනීමට නොහැකිවීම හේතුවෙන් යම් අපහසුතවකයකට පත්වීමට සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම විදුලි බිඳවැටීම කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර, ඒ සඳහා පැය කිහිපයක් පමණ ගතවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන්කර සිටියේ.

දුම්රිය හරස් මාර්ග භාවිතා කිරීමේදී විමසිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රට පුරා දුම්රිය හරස් මාර්ගවල සංඥා ආලෝක පද්ධතිවලද විදුලිය ඇනහිටීමෙන් බලපෑම් සිදුව ඇති බැවින් මෙසේ අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *