රටටම විදුලිය නැති වීමට වඳුරෙකුගේ සම්බන්ධයක්…

1707

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුවූයේ පානදුර ග්‍රිඩ් උපපොළ ආශ්‍රිත පද්ධතියේ වඳුරෙක් ගැටීම නිසා බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.

මෙම සිද්ධිය හේතුවෙන් රට පුරා විදුලි සැපයුමට බාධාවක් වී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පසුව මෙම තත්ත්වය “පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්” ලෙස විස්තර කළේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තහවුරු නොකරමින්.

ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, හැකි ඉක්මනින් විදුලිය නැවත ගෙන ඒමට කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
වෙනත් පුවත්

ප්‍රබල භූමි කම්පාවකින් කැරිබියානු දූපත් කැලඹේ

කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය හොන්ඩුරාස් රාජ්‍යයේ සිට උතුරු දෙසින් කිලෝමීටර් 32.1 ක් සහ කේමන් දූපත් වලට කිලෝමීටර් 209.2 ක් නිරිත දෙසින් පිහිටන බව ද ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

භූමි කම්පාවේ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින්, සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. සුනාමි අනතුරු නිකුත් කෙරුණේ,

කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටරිකා, හොන්ඩුරාස්, නිකරගුවා සහ කියුබාව යන රටවලටය.

(ඒ.එෆ්.පී.)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *