BREAKING NEWS
Search

පාසලේ නියෝජ්‍ය විදුහල්පති පැහැරගෙන ගොස් අමුතු වැඩක් කල ගුරුවරයෙකු සහ බිරිඳ

465

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බියගම පොලිස් වසම තුළ පිහිටි පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම සේවය කරන ගුරුවරයෙකු සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සියඹලාපේ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයාව බලහත්කාරයෙන් ජීප් රථයකට නංවාගෙන ප්‍රදේශයේ නිවසකය රැගෙන ගොස් පහරදීමේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ, පසුගිය 04 වනදායි.

පසුව ඒ සම්බන්ධයෙන් බියගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අදාළ අඹුසැමි යුවල ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

37 සහ 32 වන වයස්වල පසුවන ඔවුන් සියඹලාපේ ප්‍රදේශයේම පදිංචි කරුවන්.

මෙම පැහැර ගැනීම පැරණි අමනාපයක් මත සිදුකර ඇති බවටයි දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

වෙනත් පුවත්

කුණු රට ඉඳි විකුණන ජාවාරමක් වටලයි

වී මිලට සාපේක්ෂව සහල් මිල දෙගුණයකින් පමණ ඉහළ යන බැවින් ඒ පිළිබදවද රජය අවධානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.

මේ අතර පාලන මිල ඉක්මවා සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා මේ දිනවල පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය පිටකොටුව වෙළෙඳසැල්වල වැටලීම් සිදු කරන අතර අදත් එම වැටලීම් සිදු කළා.

මේ අතරතුර කල් ඉකුත් වූ රට ඉඳි කිලෝග්‍රෑම් 220ක නිෂ්පාදිත දිනය වෙනස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ පිටකොටුවේ වෙළෙඳසැලක්ද වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය සමත් වුණා

මේ අතර රට තුළ පවතින පොල් හිගයට විසඳුමක් ලෙස පොල් කිරි, පොල් මද ආනයනය කිරීමට රජය තීරණය කිරීමත් සමග මාස 06ක කාළයක් සඳහා එම ආනයන සිදු කළ හැකි බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *