තමන්ට කරදර කරන්න ආ නරුමයාගේ කෑල්ලක් වෙන් වෙන්නම සපා කෑ දිරිය කත

595

තමන්ට අතවර කිරීමට උත්සහ දැරූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ දිවේ කොටසක් සපා කඩා ගත් කාන්තාවක් පිලිබඳ පුවතක් වාර්තා වෙනවා.

මෙම කාන්තාව මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී තිබෙන්නේ අලුයම් කාලයේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා සමග මාර්ගයේ ඇවිදිමින් සිටියදීයි.

 

තමා මාර්ගයේ ගමන් කරමින් සිටියදී එකවර පැමිණි පුද්ගලයක් තමන්ව බදාගෙන සිප වැළද ගත් බවත් ඔහු අසිහියෙන් මෙන් හැසිරෙමින් තමාගේ ඇඳුම් ඉවත් කිරීමට උත්සහ දැරූ බවයි එම කාන්තාව සඳහන් කරන්නේ.

තමාව සිප ගනිමින් සිටි පුද්ගලයාගේ දිව සියදත් වලින් තදින් සැපු විට එයින් කොටසක් කැඩී ආ බවත් පසුව ඔහු තමා අත්හැර දිව ගිය බවයි එම කාන්තාව පවසා තිබෙනවා.

වෙනත් පුවත්

මණ්ඩලයේ ජලය ගැන බියක් වෙන්න එපා

සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්‍රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බියක් ඇති නොකරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම හුණු තොගය ජල සම්පාදන මණ්ඩලයේ තොගවලට භාරගෙන නොමැති බවත් ඒ හේතුවෙන් එම හුණු පිළිබඳව කිසිඳු බියික් නොවිය යුතු බවත් එම මණ්ඩලය කියයි.

සෞඛ්‍ය සම්පන්න ජාතිකයක් බිහිකිරීම සඳහා කැපවී සිටින ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය සෞඛ්‍යයට හානිවන කිසිඳු ද්‍රව්‍යයක් පිරිපහදුකරණයේදී භාවිත නොකරන බව කියන එම මණ්ඩලය එදිරියට ද එසේ ක්‍රියා කරන බවට සහතික වන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *