BREAKING NEWS
Search

අසනීප යැයි කියා අතරමග දුම්රිය දමා ගිය රියදුරු ගැන ගත් තීරණය

299

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (7) පස්වරුවේ පැවසීය.

එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත රියදුරු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

මරදාන දුම්රිය ස්ථානයෙන් ඊයේ (6) පෙරවරුවේ ධාවනය ආරම්භ කළ අදාල රියදුරු අසනීප යැයි දැනුම්දී කොග්ගල දුම්රිය ස්ථානයේ දුම්රිය නවතා පළාගොස් ඇති අතර දුම්රියේ සිටි මගීන් 500 කට අධික සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර පසුව වෙනත් දුම්රියකින් ඔවුන් පිටත්කර හැර තිබේ.

වෙනත් පුවත්

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක යළි නැඟී සිටින්න එන්න

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.

වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ  අභියෝගයට රට මුහුණ දී තිබෙන්නේ  ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබා දීමට තම රජය සූදානම් බව අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා‌ගේ ප්‍රධානත්වයෙන් අද (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන පරමාර්ථය වේ.

ඒ අනුව අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ලෙස ජනාධිපති අපනයන සම්මානය පිරිනැමේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර 2023/24 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් මෙවර සම්මාන ප්‍රදානය කෙරිණි.

මෙහිදී සමස්ත සම්මාන 14 ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51 ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබූ අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සම්මානලාභීන්ට හිමිවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *