BREAKING NEWS
Search

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන අද ගත් තීරණය මෙන්න

351

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසිනි.

යෝජනාව පිළිබඳ විවාදයේදී  මන්ත්‍රීවරු සිවු  දෙනෙක් අදහස් දැක්වූහ.

විවාදයේ පිළිතුරු කතාව කරනු ලැබුවේ  අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය විසිනි.

අමරසූරිය මහත්මිය මෙසේද පැවසුවාය

මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත්  ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට. එහෙත් විපක්ෂයේ සමහර  අය මේ වැදගත් යෝජනාවේ හරය තේරුම් නොගෙන මෙතන වෙන දේවල් කතා කළා. ඒ ගැන මම කණගාටු වෙනවා.  යෝජනාවට අපේ කණ්ඩායම  උපරිම සහාය  දෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *