මිනුවන්ගොඩ බිහිසුණු වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට..

421

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ කියන්න යන්නේ තවත් සිදුවුණු බිහිසුණු වෙඩි තැබීමක් ගැන ඇසෙන ආරංචියක්..

ඒ ඇසෙන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන්..

මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා…

එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, වෙඩි වැදුණු එම පුද්ගලයා මිනුවන්ගොඩ ‍රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා…

මෙලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි අයෙක්…

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *