BREAKING NEWS
Search

දෙවියනේ … අවුරුදු 25ක යුධ හමුදා තරුණයෙකුට අත් වූ සෝචනීය ඉරණම

567

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේදී  සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25 ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.

ඉපලෝගම රණජයපුර මංසන්ධීයේ සිට රණජයපුර නිවාස සංකීර්ණය දෙසට ධාවනය කරමින් තීබු නවීන පන්නයේ යතුරු  පැදියක් වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක වැදිමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ එම යතුරු පැදිය පැදවූ බව කියන යුද හමුදා  ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස රාජකාරියේ නියුතු  ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේ පදිංචිව සිටි වයස අවුරුදු 25ක් වන හේරත් මුදියන්සේලාගේ චානුක දේශාන් හේරත් නමැති අවිවාහක තරුණයෙකි.

ඔහු ගනේමුල්ල ප්‍රෙද්ශයේ කඳවුරකට අනියුක්තව සේවය කරමින් සිට ඇති බව ද, සිදුකළ විමර්ශණවලදී හෙළීව ඇතැයි පොලිසිය කියයි.  නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුරදී මෙම අනතුරට මුහුණ පා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පොලිසිය කියයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *