BREAKING NEWS
Search

මේ සංඝටකයෙන් පුළුවන් පිළිකා සෛල ඇති කරන්න. වකුගඩු රෝග ඇති කරන්න – නල ජලය ගැන එළියට ආපු භයානක හෙළිදරව්ව

365

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පානීය ජලය පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද හුණුගල් ආශ්‍රිත පිරිසිදුකාරක තොගයක් ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම චෝදනා සම්බන්ධයෙන් හෙට (07) දිනයේදී විෂයභාර අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මහතා,

“ලංකාවේ වැඩියෙන්ම බීමට ගන්නේ නල ජලය. මේ ජලය පිරිසිදු කිරීමේදී මාර්ගෝපදේශ තිබෙනවා.

ලංකාවට හුණු කන්ටේනර 27ක් ඇවිත් තියෙනවා. මෙට්‍රික් ටොන් 550ක්. මේක ලංකාවේ ලැබ් එකේ පරීක්ෂා කිරීමේදී ක්‍රෝමියම් සංයුතිය 14ක්.

මේක කොහොමද ලංකාවට ආවේ. සාමාන්‍යයෙන් ක්‍රෝමියම් උපරිම තියෙන්න පුළුවන් මිලිග්‍රෑම් 10යි. මේ සංඝටකයෙන් පුළුවන් පිළිකා සෛල ඇති කරන්න. වකුගඩු රෝග ඇති කරන්න”.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

“ඔව්. හුණු ගල් මෙට්‍රික් ටොන් 1500ක් ගේන්න කටයුතු කරලා තිබෙනවා. සාම්පල් එක හරි. නමුත් මේක ගෙනාවම ක්‍රෝමියම් වැඩියෙන් තියෙනවා කියලා වාර්තා වුණා. අදාළ ප්‍රමිතියේ නැත්නම් ආපසු යවනවා. හෙට උදේ අපේ විශය බාර ඇමතිතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *