BREAKING NEWS
Search

ඔන්න සල්ලි වැටිලාලු… බැංකු ගිණුම් රැසකට, අද ලැබුණු ප්‍රතිලාභය…

2538

මේ සතුටු දායක ආරංච්ය ගොවීන්ට.

හානි වූ වගාවන්ට වන්දි ගෙවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වන්දි මුදල් නිදහස් කර ඇති බව සදහන්.

එමෙන්ම, වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ලැබුණු නිර්දේශිත වගා හානි අයදුම්පත් සඳහා වන වගා හානි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සඳහා ගොවීන් 3272 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 70ක් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීම සිදු කිරීමට නියමිතයි.

ඒ අක්කර 4324.06ක ප්‍රමාණයක හානි වූ වගාවන් සඳහා.

වෙනත් පුවත්

නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී  පැවසීය.

රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට පැමිණි විගස  නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු ආරම්භ කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු  දික් ගැස්සීමට ඉඩ  නොදෙන බවත් බවත්  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය.

ජනතා අදහස් වලට ඇහුම්කන් දෙමින් පාර්ලිමේන්තුව උපයෝගී කරගෙන නිශ්චිත කාලසීමාවක් ඇතුලත නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනයක් රටට හදුන්වා දෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *