රීරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අලුත්ගම, මුල්ලපිටිය, ස්වර්ණ බිම්බාරම්ම විහාරස්ථානය ආසන්න දුම්රිය හරස් මාර්ගයේදී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට පත් ත්‍රී රෝද රථය ගාල්ල දෙසට ගමන් ගත් සීගාමී දුම්රියක ගැටී තිබෙන බවයි පැවසෙන්නේ.
එම අවස්ථාවේ බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථය පැදවූ පුද්ගලයා තුවාල ලබා බේරුවල රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
අනතුරකට පත් පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද පොලිසිය පැවසුවා.
මේ අතර කලක පටන් එම ස්ථානයේ දුම්රිය සංඥා ක්‍රියාත්මකව නැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



















