රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ගුරුවරියක් සිය නිවසේ තිබූ ළිඳකට වැටී ඊයේ (04) දා මියගොස් ඇතැයි වාර්තා වනවා.
අසූ හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් මෙසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
යාපනයේ, කුලපිට්ටි ප්‍රදේශයෙන් සිදුවීම වාර්තා වන අතර මෙම ගුරුවරිය විශ්‍රාම ලැබීමෙන් පසුව බොහෝ කාලයක් ජීවත් වී ඇත්තේ තනිවම බවයි පැවසෙන්නේ.
රාජසුන්දරම් කමලාදේවි නැමති ඇයට ඇස් පෙනීමේ දුර්වලතායක් මෑතක සිට හටගෙන තිබූ බවද පැවසෙනවා.
ඇය සිය නිවස පිටුපස තිබූ ළිදට ඇද වැටී හදිසියේම මියගොස් තිබෙන බවයි යාපනය පොලිසිය කියා සිටියේ.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
වෙනත් පුවත්
හන්තාන රක්ෂිතයේ ගිනි ගැනීමක්
හන්තාන රක්ෂිතයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ මේ වනවිට ගිනි ගැනීමක් හටගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් කළ ගිනි තැබීමක් හේතුවෙන් මේ ගින්න හටගෙන ඇති බවයි පැවසෙන්නේ.
වන සත්ව දඩයම ,ඉඩම් අල්ලා ගැනීම් වැනි කරුණු හේතුවෙන් මෙවන් ගිනි තැබීම් සිදුකරන බව වාර්තා වනවා.
මේ හේතුවෙන් හන්තාන ප්‍රදේශයේ දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.


















