BREAKING NEWS
Search

කොල්ලුපිටියේ නේවාසිකාගාරයේ සිටි විදේශිකයන්ගේ මරණය ගැන පැති ගණනාවකින් සිදුවූ විමර්ශනවලින් හෙළිවූ අමුතු කතාව

461

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඔවුන්ගේ මරණය ගැන විවිධ කෝණවලින් පරීක්ෂණ සිදුවුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක් ගැනයි..

විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනකු හදිසියේ රෝගාතුර වී මියයෑම හා තවත් සුදු ජාතිකයකු රෝගාතුරව රෝහල්ගත කිරීමේ සිද්ධියට සම්බන්ධ කොල්ලුපිටියේ නේවාසිකාගාර ගොඩනැගිල්ල වසාදමන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණු බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා..

මෙම සුදු ජාතික කාන්තාවන් දෙදෙනා මිය යෑම හා සුදු ජාතිකයකු රෝගාතුරවීම කෘමීන් විනාශ කිරීම සඳහා යොදන ලද වායුවක් ආඝ්‍රාණය වීමෙන් සිදුවූවක්ද..?

එසේත් නොමැති නම් ඔවුන් ගත් ආහාර විෂවීමක්ද? නැතිනම් ඝාතනයක්ද..? යන්න සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන තිබෙනවා..

ඒ අනුව ඔවුන් නවාතැන්ගෙන සිටි කාමරය පරීක්ෂාවට ලක්කර එහි සාම්පල්, රස පරීක්ෂකවරුන්, අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ..

එම නේවාසිකාගාරයේ යෝග්‍යතාව ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොටුව අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී නියම කර ඇති බවත්, අවශය සියලු සෞඛ්‍ය නිර්දේශ සම්පූර්ණ කර නිසි බලපත්‍රයක් ලබාගන්නා තුරු නේවාසිකාගාරය වසා තබන ලෙසට නියම කළ බවත් එම නිලධාරියා කියා සිටියා..

කෘමීන් විනාශ කිරීම සඳහා ඔවුන් රැඳී සිටි කාමරයට යාබද කාමරයට 30 වැනිදා පළිබෝධනාශක වායුවක් යොදා ධූමායනය කර ඇති බවට දැන්වීමක් ගසා ඇතැයි ද එම වායුව ආඝ්‍රාණය වීමෙන් මොවුන් රෝගාතුරවන්නට ඇතැයි සැක පළකරන බවත් හෙතෙම කියා සිටියා..

මෙලෙස මියගියේ 24 හැවිරිදි බි්‍රතාන්‍ය ජාතික තරුණියක හා ජර්මන් ජාතික 26 හැවිරිදි කාන්තාවක්..

රෝගාතුරව කොළඹ ජාතික රෝහල්ගත කර සිටි ජර්මන් ජාතික පිරිමි පුද්ගලයා සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව ද වාර්තා වෙනවා..

මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා..

දිනමිණ පුවත්පත ඇසුරෙන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *