BREAKING NEWS
Search

මෙන්න ඔබට සතුටු හිතෙන ආරංචියක්… ජල ගාස්තුවට ලොකු සහනයක්

674
මේ කියන්න යන්නේ ඔබට තවත් සහනයක් ගැන අහන්න ලැබෙන කතාවක්..  ඉදිරියේ දී සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන අතර ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර තිබෙන ඇතැයි එහි ප්‍රකාශකයෙකු පැවසුවා…

ඒ අනුව, ජල බිල අඩුකිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතයි…

අනතුරුව සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් පසුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා…

වෙනත් පුවත්

එජාප කාන්තා සංවිධානය අචිනිට

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.

අචිනි ලොකු බණ්ඩාර මහත්මිය පිට කෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයෙහිදී අද සිය තනතුරේ වැඩ බාර ගත්තාය.

මෙම අවස්ථාවට එජාප මහ ලේකම් තලතා අතුකෝරළ , සභාපති වජිර අබේවර්ධන, හිටපු කාන්තා කටයුතු ඇමති අමරා පියසීලි මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *