BREAKING NEWS
Search

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට අද අධිකරණයයෙන් ලැබුණු නියෝගය මෙන්න..

2509
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගැන පසුගිය දිනවල විවිධ කතා මැවුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
ප්‍රශ්නගත BMW රථයක් එකලස් කර ව්‍යාජ අංකයක් යොදා භාවිතා කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජූලි 02 වැනිදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළා..

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙම නියෝගය සිදු කර තිබෙනවා..
.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ජනවාරි 03 වැනිදා උදෘත නීතිපතිවරයා වෙත යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා..

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිටියා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *