BREAKING NEWS
Search

ප්‍රශ්ණ පත්‍ර පිටවීම ගැන එළියට ආ ආන්දෝලනාත්මක අනාවරණයක්

149

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්, උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියට අදාළ වාර විභාග ප්‍රශ්නපත්‍ර පිටකිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළා.

එසේම අත්අඩංගුවට ගත් වැඩ බලන විදුහල්පතිවරයා ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකාර වැඩබලන විදුහල්පතිවරයා අනුරාධපුර – තම්මැන්නාකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනාවරණ වී ඇත්තේ, ඔහු 11 වන ශ්‍රේණියේ සිංහල සහ බුද්ධාගම ප්‍රශ්න පත්‍ර බහා තිබූ පාර්සල්වල මුද්‍රා කඩා, ප්‍රශ්න පත්‍ර පිටතට ගෙන ගුරුවරයෙකුගේ ජංගම දුරකථනයකින් ජායාරූප ගත කර පසුව වට්ස් ඇප් ඔස්සේ තඔුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුගේ ජංගම දුරකථනයට යවා ඇති බවටයි.

ඡායාරූප ගැනීමෙන් අනතුරුව, එම ප්‍රශ්න පත්‍ර සැකකරු විසින් යළි පාර්සල් තුලට දමා ඉතා සූක්ෂම ලෙස අලවා තිබී ඇති බවද හෙළි වුණා.

එමෙන්ම, පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, ප්‍රශ්න පත්‍ර පිටකිරීම හේතුවෙන් සැකකරු විසින් රජයට සිදුකර ඇති මූල්‍ය පාඩුව රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂය ඉක්මවා ඇති බවයි.

අදාල විභාගය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ යළි පැවැත්වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *