BREAKING NEWS
Search

හිතා ගන්නවත් බැරි රෝගීන් ගණනක් වාර්තා වෙලා… වහාම ප්‍රවේශම් වන්න…

3753

මේ වසරේ ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙරටින් ඩෙංගු රෝගීන් 5000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පවසනවා.

එම මාසය තුළ ඩෙංගු මරණ දෙකක්ද වාර්තා වන අතර ජනවාරි මාසය අවසන් වීමට පෙර ඩෙංගු අධි අවදානම් කලාප 16ක් ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය සදහන් කළා.

ඒ අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 4,943කු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 764කි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 674ක් සහ කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් රෝගීන් 608 දෙනෙකුද වාර්තා වෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන්ද 315ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 303ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 278ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 201 දෙනෙකුද වාර්තා වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *