පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු සිය සැමියාගේ තියුණු පිහි ප්‍රහාරයක් සහ විශාල කළුගලක් හිසට දමා සිය බිරිඳ ඝාතනය කර ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය සෙම් රොක් පෙදෙසේ නිවසක සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නමැති හතළිස් හැවරිදි තිදරු මවකි.
බිරිඳ ඝාතනය කිරීමෙන් පසු සැමියා වූ හතලිස් දෙහැවිරිදි මියගිය කාන්තාවගේ සැමියා නාවලපිටිය පොලිසියට බාර වූ බව පොලිසිය සඳහන් කරයි.

වෙනත් පුවත්
විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු
රුපියල් තිස් නව ලක්ෂ තිස් දහසක් වටිනා විද්‍යුත් දුම්වැටි 262 ක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (4) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පසුවන ව්‍යාපාරික කාන්තාවකි .
ඇය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (04) අලුයම 02.35ට පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ උරා බොන වාර 12,000ක් (Smoking Shot) සහිත විද්‍යුත් දුම්වැටි 262 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 02/07 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .


















