BREAKING NEWS
Search

ලංකාවම ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිටියට සමු දෙයි ?

57

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය ඇති බව වාර්තා වේ.

ආරංචි මාර්ග සදහන් කළේ ඔහු මෙම තීරණය ගනු ලබන්නේ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව බවයි.

එම තරගය අනිද්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ඇත.

මේ දක්වා දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇත.

කෙසේ වෙතත්, මේ දක්වා ලකුණු 7,172ක් රැස්කර ඇති ඔහු ටෙස්ට් තරගයක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 244ක් වේ.

වෙනත් පුවත්

විශ්ව රූ රැජින දිවයිනට

40 වැනි ලෝක විවාහක රූ රැජින තරඟාවලියෙන් අනුශූරතාව දිනාගත් ඉෂාදි අමන්ද අප පෙරවරුවේ දිවයිනට පැමිණියාය.

මෙම තරගාවලිය පසුගිය 30 වැනි  දින ලෝකයේ රටවල් 40 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඇය පිළිගැනීම සඳහා උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

ඉෂාදි අමන්දා ගේ මාපියන් , සැමියා සහ දියණිය ප්‍රංශයේ පදිංචි වී සිටිති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *