BREAKING NEWS
Search

නිදහසේ සතුට ජයටම සමරන්න ගිය තරුණයෙකුට අත් වූ ඉරණම

45

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ කියන්න යන්නේ යාපනයෙන් අහන්න ලැබුණ තවත් ඛේදනීය පුවතක්..
බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි යාපනයේ කෝපායී ප්‍රදේශයේ තරුණයෙකු සිය මිතුරන් සමග අධික මාත්‍රාවකින් මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා ඊයේ (03) මියගොස් තිබෙනවා..

මෙම තරුණයා මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනවකට වැරදිකරුවකු වී කෙටි කලක් යාපනය බන්ධනාගාරයේ සිට නිදහස ලබා නිවසට පැමිණි දිනයේමයි සිය මිතුරන් පිරිසක් සමග මත්ද්‍රව්‍ය පානය කර ඇත්තේ..

එහිදී ඔහු අධික මාත්‍රාවකින් යුතුව මත්ද්‍රව්‍ය පානය කිරීම හේතුවෙන් සිහිමූර්ජා වී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙසේ මියගොස් තිබෙන්නේ..

මියගිය තරුණයා වයස අවුරුදු 27ක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරන් දෙදෙනෙකු යාපනය පොලිසියට ප්‍රකාශ ලබා දී තිබෙනවා..

යාපනය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *