BREAKING NEWS
Search

ජනපතිගේ තනියට යතුරුපැදි තුනක් පමණයි

37

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 77 වන ජාතික නිදහස් උළෙල සඳහා නිදහස් චතුරස්‍රයට පැමිණියේ පොලිස් යතුරුපැදි තුනක් පමණක් පෙරටු කරගෙනය.

ආශ්වා රෝහක රථ හෝ වෙනත් පරිවාර රථ කිසිවක් නොතිබිණි.

අග්‍රාමාත්‍යවරිය ඇතුළු සෙසු ආරාධිතයන් පැමිණීමේ දී ද ඉදිරිපසින් පැමිණියේ එක් පොලිස් යතුරුපැදියක් පමණි.

ජනපති ඇතුළු නායකයන් පැමිණීමේදී ඔවුන්ගේ බිරියන්,සැමියන් පැමිණීම මීට පෙර නිදහස් උළෙල වලදී දැකගත හැකි වූ නමුත් මෙවර එවැනි දෙයක් සිදු නොවීය.

පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ 77 වන ජාතික නිදහස් සමරු උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී  අද(4) පෙරවරුවේ පැවැත්වෙයි.

බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස ලබාගෙන 77 වන වසර සමරන ජාතික නිදහස් උළෙලේ මෙවර තේමාව ” ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන්නයි.

පෙරවරු 8.4 ට මඟුල් බෙර වාදන සහ සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපති අනුර දිසානායක මහතා ජාතික ධජය එසවීමත් සමග ජාතික නිදහස් උළෙල ආරම්භ කෙරෙයි.

අනතුරුව පාසල් සිසු සිසුවියන් 44 දෙනකු ජාතික ගීය ගායනා කරන අතර ජයමංගල ගාථා සහ “දේවෝ වස්සතු කාලේන” ගාථාව ගායනයෙන් අනතුරුව රට වෙනුවෙන් දිවි පිදූ සියලු ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි දෙකක නිහඬතාවයක් රැකීම සිදු කෙරෙයි.

ජනාධිපතිවරයාට පුද කෙරෙන උත්තමාචාරයෙන් අනතුරුව ජනාධිපති අනුර දිසානායක මහතා  ජාතිය ඇමතීම සිදුකරයි.

අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය ,සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් සම්මාන පෙළපාළිය පවත්වනු ලබයි.

සංස්කෘතික සංදර්ශනයෙන් පසුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කොට 77 වන ජාතික නිදහස් උළෙලේ සමාප්තිය සටහන් කෙරෙනු ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *