BREAKING NEWS
Search

අනතුරක් හා ඝාතනයක් අතර දෝලනය වන ඩයනා කුමරියගේ මරණය ගැන දුක හිතෙන කතාව…

35

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලොවම ආදරය කරන එංගලන්තයේ රෝස කුසුම කියන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවා…
ඇය ඉතාමත් සුන්දර කුමරියක්…ඩයනා… ලෝකයෙන් සමුගෙන ගියත් තවමත් ඇය ගැන හැමෝම කතා කරනවා… ඇත්තටම ඩයනා කුමරිය කියන්නේ ලොවක් ආදරය කළ කාන්තාවක්.

ඉතින් ඇගේ සදාකාලික අමරණීය මතකය තවමත් ලොව පුරා ජනතාව කතා කරනවා…
ලොව පුරා වෙසෙන සුවහසක් ජනතාව ඇයව ඉමහත් ආදරයෙන් වැලඳ ගන්නේ හිරු නොබසින අධිරාජ්‍යයේ නොමැකෙන මතක සටහන් රාශියක් තැබූ කාන්තාවක් ලෙස ඇය සිදු කළ යහපත් ක්‍රියාවන් නිසයි.

ඇය සමාජ සේවයට දැඩි නැඹුරුවක් දැක්වූ කාන්තාවක් වීමද එයට විශේෂ හේතුවක්.

ඇය ලොවක් වසඟ කළ රූ සපුවකට හිමිකම් කිව්වා සේම ඒ හා සමානවම පිවිතුරු හදවතක් ඇති තැනැත්තියක්ද වූවාය.

ඩයනා ෆ්‍රැන්සස් ස්පෙන්සර්ව “Princess Of Wales” යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වූවා.

1961 වර්ෂයේ ජූලි 01 වැනි දින උපත ලද ඇය 1997 අගෝස්තු 31 දින මෙලොවින් සමුගත්තා.

ඇය එසේ අප අතරින් සමුගත්තද ඇගේ මතකය සදා අමරණීය බව අදටත් ඩයනා වටා මැවෙනා පුවත්වලින් හෙළිදරව් වෙනවා.

1961 එංගලන්තයේ සැන්ග්‍රින්හම් හි ෆ්‍රැන්සස්ට සහ ජෝන් ස්පෙන්සර්ට දාව ඇය බිහිවූවා.

ඇයට සාරා සහ ජේන් නම් සහෝදරියන් දෙදෙනෙක් සහ චාර්ල්ස් නම් සහෝදරයෙක් සිටියා.

ඇය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ Diss හි Riddlesworth Hall නම් පෙර පාසලේ.

ඇය පාසල් යන සමයෙහි පියානෝ වාදනය, නර්තනය වගේම ගෘහස්ථ ක්‍රියාකාරකම් සඳහා ද දක්ෂතා පෙන්වූ දැරියක් බව සඳහන් වෙනවා.

බොහෝ මිතුරු – මිතුරියන් සමඟ සුහදව කටයුතු කළ ඇය කුඩා කල සිටම කාගේත් සිත දිනාගත් ආදරණීය තැනැත්තියක්.

පසු කලෙක ඇය 1977දී ස්විට්සර්ලන්තයේ ඇල්පින් Alpin Videmanette අධ්‍යාපන ආයතනයේද ඉගෙනුම ලබා බාලාංශ ගුරුවරියක් ලෙසද සේවය කර තිබෙනවා.

මෙසේ තම දිවිය ගත කළ ඇය ලොව ප්‍රබලම රජ පෙළපතක කුමරෙකුගේ අගමෙහෙසිය බවට පත් වෙනවා.

ඩයනා කුමරිය 1981 පෙබරවාරි 24 ඔටුන්න හිමි කුමරු හෙවත් චාර්ල්ස් කුමරුව විවාහ කර ගැනීමෙන් පසුව ඩයනා සහ චාර්ල්ස්ට දාව විලියම් සහ හැරී යන කුමාරවරු දෙදෙනා උපත ලබනවා.

කෙසේ හෝ පවුල් ජීවිතයේ නොයෙකුත් සන්ධිස්ථාන පසු කරමින් ඔවුන් 1992 දෙසැම්බර් මස තම දික්කසාද ජීවිතය තෝරා ගන්නවා.

ඉන් පසුව එළැඹුණු යුගය ඩයනා කුමරියට එතරම් සතුටුදායක කාලයක් වුණේ නැහැ.

1995 වසරේ නොවැම්බර් මස 20 දින ඇය බි්‍රතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව හා සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා.

කෙන්සිංටන් මාලිගයේ ඩයනා කුමරිය වාසය කළ කාමරයක සිදු කළ සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූයේ මාධ්‍යවේදී මාටින් බෂීර්.

මෙම සම්මුඛ සාකච්ඡාව ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් සම්මුඛ සාකච්ඡාවක් වුණා….

ඇය රාජකීය ජීවිතය තුළ ඇගේ විවාහ ජීවිතය මෙන්ම පශ්චාත් ප්‍රසව අවධියේදී විඳි මානසික පීඩනය සහ චාල්ස් – කැමිලා පාකර් අතර පවතින ආදර සම්බන්ධය වැනි කම්පා සහගත තොරතුරු රැසක් මෙම සම්මුඛ සාකච්ඡාව සමඟ ලෝකයට හෙළි කළා.

1997 අගෝස්තු 31 වැනි දින මැදියම් රැයේ ප්‍රංශයේ පැරිස් නගරයෙහිදී ඇය ඉතා අබිරහස් ලෙස මිය යනවා.

එය අධික වේගය නිසා සිදු වූ හදිසි රිය අනතුරක් බව සඳහන් වෙනවා.

නමුත් ලෝකය විසල් ලෙස කතාබහ කරන අබිරහස් මරණ අතර මෙම මරණය පිළිබඳ විවිධ පුවත් මැවෙනවා.

ඇය මියයන විට ගැබ්ගෙන සිටි බවත් එම දරුවා ඇයගේ පෙම්වතාගේ බවත් එය රජ පවුලට අවමානයක් ලෙස දැනගෙන හිතාමතා කළ අනතුරක් බවටත් විවිධ මත පළ කෙරෙනවා.

ඩයනා මැරුණද මැරුවාද?

ඩයනා කුමරිය මියගිය දවසට පසු දා නැවතත් විවාහ වීමේ බලාපොරොත්තුවකින් පසු වී තිබෙනවා.

ඒ ඩයනා සමඟම මේ අනතුරින් මියගිය “ඩොඩ්” කියන පෙම්වතා සමඟ.

ඩොඩ් කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්.

ඩයනා ඩොඩ් එක්ක ප්‍රංශයට ඇවිත් තිබුණේ සංචාරයකට. ඒ අතරතුර තමයි මේ අනතුර සිද්ධ වුණේ.

ඇය මියයෑමට පෙර ඉතා අසාමාන්‍ය සිදුවීම් කිහිපයක්ම සිදු වී තිබෙනවා. ඒ අතර ඩයනා කුමරිය තම අත් අකුරින් ලියූ ලිපියක් පිළිබඳව ඉතා ආන්දෝලනාත්මක පුවතක් ඇති වී තිබෙනවා.

එහි “චාර්ල්ස් මාව රිය අනතුරකට ලක්කරන්න මාන බලනවා” යනුවෙන් සඳහන් වෙනවා.

මෙය රිය අනතුරකට එහා ගිය මිනී මැරුමක්ද කියා සැලකුවහොත් ඒ සම්බන්ධව තිබෙන ප්‍රබලතම සාක්ෂියක් ලෙස ඩයනා කුමරිය ලියූ මෙම ලියුම සැලකිය හැකිය.

1997 ඩයනා කුමරිය මියගියත් ඇය තම ප්‍රධාන මෙහෙකරුවා වූ පෝල් බුරෙල්ට 1993 ඔක්තෝබර් මස යවන ලද ලිපියක මෙසේ සඳහන් කර තිබෙනවා.

ඇය චාර්ල්ස් කුමාරයාගෙන් වෙන් වී මාස 10කට පමණ පසු මෙය හෙළිදරව් වී තිබෙනවා.

මෙම ලිපියෙහි මෙලෙසින් සඳහන් වෙනවා.

“මෙම කාලය විශේෂයෙන් මගේ ජීවිතයේ වඩාත් අනතුරුදායකම කාලයක්. මගේ ස්වාමිපුරුෂයා මාව මගේ වාහනය තුළදීම ඝාතනය කරන්න සැලසුම් කරනවා. එවිට ඔහුට ඔහුගේ පෙම්වතියව සරණපාවා ගැනීම පහසු වෙනවා.” යනුවෙන් එහි ලියා තිබෙන බව සදහන් වෙනවා.

නමුත් එම ලිපිය කියවා නිම කළ පසු ඩයනාගේ ළඟම හිතවතියක් පවසා තිබුණේ ඇය තම ආරක්ෂාව ගැන කිසිදු බියක් පළ නොකළ බවයි.

එමෙන්ම ලුසියා ෆ්ලෙචර් නම් ඩයනාගේ බ්‍රසීලියානු ජාතික ළඟම හිතවතියක් පවසා තිබුණේ පෝල් බුරෙල් ඩයනාගේ අත් අකුරු අනුකරණයට ඉතාම දක්ෂ බවත් ඒ නිසා එය තමන් විශ්වාස නොකරන බවකි.

ඩයනා කුමරිය තමාගේ ජීවිතයට මහා බි්‍රතාන්‍යයේ අනාගත රජු චාර්ල්ස් කුමාරයාගෙන් අනතුරක් වනු ඇතැයි බිය නොවූ බවද ඇගේ මිතුරිය පවසා තිබුණා.

ඩයනා කුමරියව අනතුරට පත්වී විනාඩි 37 යන තුරුත් ඇය අනතුරට ලක් වූ මෝටර් රථයෙන් පිටතට රැගෙන තිබුණේ නැහැ.

අනතුර සිදුවී මිනිත්තු 81ක් ගිය පසුව පැමිණි ගිලන් රථයකින් තමයි ඇයව රෝහලට රැගෙන ගොස් තිබුණේ.

මෙය ගැන දරුණු සැකයක් තිබියදීත් එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා වූ ෂෝන් මාර්ක් මාර්ටිනෝ මෙම මරණය ගැන ප්‍රශ්න කිරීමක් කර නොතිබීමද විමතියට කරුණක් වුණා.

තවද විශේෂඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ඇය අනතුරට පත්වීම සමඟම රෝහල් ගත කළා නම් ඇයගේ ජීවිතය බේරා ගැනීමට ඉඩකඩ තිබූ බවයි.

මෙම පැමිණි ගිලන්රථය ධාවනය වූ වේගය පිළිබඳව ඉන්පසු විවිධ මත පළ වුණු අතර මෙම රථය අනතුරෙන් පසුව ධාවනය වී තිබුණේ පැයට කිලෝමීටර් 19ක වේගයෙන් වීමත් මෙය ඝාතනයක්ද යන්න සැක කිරීමට ප්‍රබල හේතුවක් වී තිබුණා.

සුවහසක් ජනතාව ආදරය කළ ඩයනා කුමරිය යනු නොමැකෙන මතක සටහන් රාශියක් තබා ගිය කාන්තාවක් බව අවිවාදිතයි.

අන්තර්ජාලයෙන්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *