BREAKING NEWS
Search

ගත් තීරණයක් අවලංගු වෙයි.. රාජ්‍ය සේවයට විශේෂ නිවේදනයක්..

100
මේ කියන්න යන්නේ රාජ්‍ය සේවයේ ගත් තීරණයක් ගැන ඇසෙන වෙනස්ම කතාවක්..

77 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව සියලු‍ රාජ්‍ය ආයතනවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය මස 10 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය සංශෝධනය කර තිබෙනවා…

එම චක්‍රලේඛයේ දැක්වුණේ පෙබරවාරි මස 1 වැනිදා සිට 7 වැනිදා දක්වා වූ කාලය තුළ සියලු‍ රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි..

එමෙන්ම පෙබරවාරි මස 3 සහ 4 යන දෙදින සියලු‍ රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දී තිබුණා..

කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද පැවසුවේ රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාරවත් කිරීම අවලංගු කිරීමට තීරණය කළ බවයි..

විදුලිය අරපිරිමැස්ම සහ විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹි බව එම අමාත්‍යාංශය සඳහන් කළා..

මේ අතර, නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා..

ඒ අනුව හෙට දිනයේදී රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා ඇති බවත්, සියලු‍ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම අමුත්තන් පෙන්වීම දිවයිනේ සියලු‍ බන්ධනාගාර තුළදී කරන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා..

මේ අතර, 77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ රාත්‍රියේදී නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා..

ඒ, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්..

නිදහස් දින සැමරුමට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *