BREAKING NEWS
Search

ජනප්‍රිය රංගන ශිල්පිනියක් නොසිතු මොහොතක දිවි ගමනට සමුදෙයි…

68

කීර්තිමත් තායිවාන තරුවක් වූ Barbie Hsu ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 48ක්.

ඇය ජපානයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඉන්ෆ්ලුවෙන්සා වැළඳීමෙන් පසු නියුමෝනියාවෙන් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇය 2001 රූපවාහිනී කතා මාලාවක් වන Meteor Garden හි රඟපෑම සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා.

Meteor Garden භාෂා කිහිපයකින් හඬකැවූ අතර පිලිපීනය, ඉන්දුනීසියාව සහ තායිලන්තය තුළ Hsu විශාල තරුවක් බවට පත් කරනු ලැබුවා.

ඇගේ සහෝදරිය වන Dee Hsu සඳුදා තායිවාන මාධ්‍ය හමුවේ සිය සොයුරියගේ මරණය පිළිබඳව දැනුම්දුන්නා.

“මේ ජීවිත කාලය තුළ ඇගේ සහෝදරිය වීම ගැන මම ස්තූතිවන්ත වෙනවා, එකිනෙකා රැකබලා ගැනීම ගැන මම සැමවිටම ඇයට කෘතඥ වෙනවා සහ ඇයව සිහිපත් කරනවා.” යනුවෙන් Barbie Hsuගේ සොයුරිය සිය හහෝදරිය පිළිබඳව සංවේගයෙන් දැනුම්දී සිටියා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *