කොල්ලුපිටියේ නැවතී සිටි විදේශිකයන් තිදෙනාට මොකද වුනේ ? අයෙක් මරුට

37

කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇත.

එහි සිටි විදේශිකයන් තිදෙනෙකු අසනීප වී රෝහල් ගත කර ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවකි.

අනෙක් දෙදෙනා ජර්මන් ජාතික යුවළක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණයක් ආරම්භ කර ඇත.

වෙනත් පුවත්

රටින් ගෙනා ලක්ෂ 53ක දුම්වැටි අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් රැගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 29 පුද්ගලයෙකි.

ඔහු විසින් රැගෙන ආ දුම්වැටි 38,800ක් අඩංගු දුම්වැටි කාටූන් 179ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න බවද සඳහන් වේ.

අදාළ ගුවන් මගියා පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර ඔහු සඟවා ගෙන පැමිණි මෙම දුම්වැටි තොගය එළැඹෙන 05 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *