රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක කේ.බී.මානෑව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යනවිට 87 වන වියේ පසු වූ ඔහු දියණියන් තිදෙනෙකුගේ පියෙක්.
දේහය මාතලේ ඇල්වල නිවසේ තැම්පත් කොට ඇති අතර අවසාන කටයුතු අද දින ප.ව.5.00 මාතලේ ආදාහනාගාරයෙදී සිදු කිරීමට නියමිතයි.
රජරට නුවරකලාවියේ මානෑව ගමේ ඉපදුණු කිරි බණ්ඩා මානෑව මහතා මානෑව විදුහලින් මූලික අධ්‍යානය ලැබ පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස ගුරු සේවයට බද්ධ විය.
ඒ මහතා අනුරාධපුරයේ සහ මාතලේ දිස්ත්‍රීක්කයේ පාසල් කිහිපයක සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගත්තේය.
දිවයිනේ ප්‍රකට ජනශ්‍රැතිවේදියෙකු වන ඔහු තුන් වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබ තිබෙනවා.
නුවරකලාවියේ ජන වහර, ලග්ගල ජනවහර, මාතලේ ජනවහර, නුවර කලාවියේ ජනමංගල්ල. සීහල ජනවහර, යන ශාස්ත්‍රීය පොත්, මකුලේතැන්න, සන්නසක සෙනෙහස, ඉව යන නිර්මාණ ග්‍රන්ථ රැසක් සිංහල සාහිත්‍යට එක්කොට ඇත.
කලාභූෂණ සහ කලාකීර්ති සහ මැදරට අභිමානී සම්මානයන්ගෙන් ද පිදූම් ලද මානෑවයෝ කලක් සාහිත්‍ය අනු මණ්ඩලයේද කටයුතු කළේය.


















