BREAKING NEWS
Search

නව වාහන පිළිගන්න හම්බන්තොට සූදානම

44

මෙරටට වාහන ආනයනය කිරිම සඳහා රජය අවසර ලබාදි ඇති අවස්ථාවක ඉතාම සුරක්ෂිත ලෙස  මෙරටට වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින් සිටින බව හම්බන්තොට ජාත්‍යයන්තර වරාය  ප්‍රධාන විධායක නිළධාරී  විල්සන් ක්වා මහතා සඳහන් කර සිටි.

හම්බන්තොට ජාතයයන්තර වරාය 2018 වසරේ සිට මෙරට දේශිය වෙළඳ පොලට වාහන ආනයනය කිරිම මෙන්ම වාහන ප්‍රති අපනයනය කිරිම සම්බන්ධයෙන්ද පුරෝගාමි මෙහෙවරක නිරත වි සිටිති.

වාහන ආනයනය කර ඒවා සුරක්ෂිත ලෙස තබා ගැනීමට අවශය යටිතල පහසුකම්,  නැව් වලි්න ගොබැම සඳහා පලපුරුදු කාර්ය මන්ඩලය සහ ශ්‍රමබලකාය , විශේෂිත ආරක්ෂක පහසුකම්. සි.සි ටි කැමරා පද්දති සහිතව,  හම්බන්තොට ජාතයයන්තර වරාය සතුව පවතින බවද විධායක නිළධාරි වරයා  සඳහන් කර ඇත.

වරාය තුලට ගෙන්වන ලද වාහන නිෂ්කාෂනය කිරිමට අවශ්‍ය රේගු පහුසකම්, ඇතුළු සියළුම  නිෂ්කාෂන කටයුුත සඳහා පුළුල පහසුකම් සපයා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *