BREAKING NEWS
Search

බෝ වන රෝගයක් පැතිර යයි.. සෞඛ්‍ය අංශ වෙතින් නිවේදනයක්…

52
ව්‍යාප්ත වෙන රෝගයක් ගැනයි මේ කියන්න හදන්නේ…
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත රෝගීන් පිරිසක් හඳුනා ගැනීමට සමත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

එම පිරිස අතර දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකුද වන බවයි වාර්තා වන්නේ.

මේ අතර උණ, හන්දිපත් කැක්කුම , ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් ඇත්නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එවැනි රෝග ලක්ෂණ ඇති යම් අයෙක් වේනම් හැකි ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

ඩෙංගු මදුරුවා විසින් චිකුන්ගුන්යා රෝගය බෝ කරන බව පැවසෙන බැවින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම හා ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසු වන ලෙසයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *